අද රෑට සද්දෙට අකුණු: කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් අද රාත්‍රියේ ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඔවුන් නිකුත් කළ නිවේදනයේ උතුරු, උතුරුමැද, වයඹ, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
එසේම, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.