ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව ඉහළට: පාසල් හැරයාම පහතට
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය සාක්ෂරතාව 93.3% දක්වා ඉහළ ගොස් ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ මෙරට කාන්තාවන්ගේ සාක්ෂරතාව 92.3%ක් වන බවත්, පිරිමි පුද්ගලයන්ගේ සාක්ෂරතාව 94.3%ක් වන බවයි.
එසේ ම ශ්‍රී ලංකාවේ පාසල් හැර යන සිසුන් සංඛ්‍යාව ද මේ වන අඩු වී ඇතැයි පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, 2021 වසරේ දී පළමු ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන් සංඛ්‍යාව 19,924 දෙනෙක් පමණක් වූ බවයි.
කෙසේ නමුත් 2012 වසරේ දී එම සංඛ්‍යාව 39,899ක තරම් ඉහළ අගයක් ගෙන තිබූ බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සිය දේශනයේ දී කියා සිටියේ.