ශ්‍රී ලංකාව යුද්ධයෙන් උගත් පාඩම: එක්සත් ජාතින්ගේ සංවිධානය සිහිපත් කරයි

MonaraMonara

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශක ජේම්ස් එල්ඩර් Photo - Google

සිවිල් වැසියන් දහස් ගණනකගේ මරණ වැළැක්වීමට අපොහොසත් වු බවට චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකාවෙන් තමන් බොහෝ දේවල් ඉගෙනගත් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශක ජේම්ස් එල්ඩර් පවසනවා.

ජීනිවාහී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

ඔහු 2007 - 2008 කාලය තුළ ශ්‍රී ලංකාවේ සිටිය බවත් එම කාලය තුළදී බොහෝ දේ ඉගෙන බවත් එහිදී ඔහු සිහිපත් කළා.

එමෙන්ම යුනිසෙෆ් සංවිධානයත් එමඟින් බොහෝ දේවල් අවබෝධ කරගන්නට ඇති බවයි ජේම්ස් එල්ඩර් කියා සිටියේ

මේ වනවිට ගාසා තීරයේ හටගෙන තිබෙන යුද්ධය පිළිබඳව ද සිහිපත් කළ ඔහු අවධාරණය කළේ ගාසා තීරය යනු ලෝකයේ භයානකම ස්ථානය බවයි.

"දවසින් දවස ඒ කුරිරු යථාර්ථය තහවුරු වෙනවා.. පසුගිය පැය 48 තුළ, ඉතිරිව තිබෙන එකම ක්‍රියාකාරී රෝහලට දෙවරක් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වුණා.. ප්‍රහාරවලින් දරුණු ලෙස තුවාල ලැබූ ළමුන් විශාල සංඛ්‍යාවකට සහ ආරක්ෂාව පතා සිටින සිය ගණනක් කාන්තාවන් හා ළමයින්ට එම රෝහලින් රැකවරණය සපයනවා.. ගාසා තීරයේ සිටින ළමයි ඊනියා ආරක්ෂිත කලාපවල ආරක්ෂිත නොවන බවද ඔහු පෙන්වා දුන්නා "