මහ කන්නයේදී යූරියා මිටියක් 5000ට අඩුවෙන්: මහ කන්නයවන විට යූරියා පොහොර මිටියක් රුපියල් 5000කට වඩා අඩු මුදලකට ගොවීන්ට ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසනවා.

MonaraMonara

මහ කන්නයේදී යූරියා 5000ට අඩුවෙන් - මහින්ද අමරවීර

Colombo (Monara) June 10; මහ කන්නයවන විට යූරියා පොහොර මිටියක් රුපියල් 5000කට වඩා අඩු මුදලකට ගොවීන්ට ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ තිස්සමහාරාමයේ පැවති තරුණ කෘෂිකර්ම ව්‍යවසායකත්ව ගම්මාන ව්‍යාපෘතිය අරඹමින් පැවති ගොවි හමුවකදී.

ලබන 15 වැනිදායින් පසුව යූරියා පොහොර මිටියක මිල රුපියල් 1000කින් අඩු කර රුපියල් 9000ක මුදලකට ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.