පාර්ලිමේන්තුව තුළ පුද්ගලික මඩගැසීම් නවත්වන්න නීති ගෙනා යුතුයි: නීති සංශෝධනයට නාමල්ගෙන් යෝජනාවක්
පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කර මඩගැසීම පෞද්ගලික මඩ ගැසීම වහා නැවැත්විය යුතු බවත් ඒ සඳහා අළුතින් නීති ගෙන ඒම හෝ පවතින නීති සංශෝධනය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවා.
විපක්ෂය විසින් සිදුකරනු ලබන ප්‍රකාශයන් පිළිබඳව මාධ්‍ය මගින් විමසූ අවස්ථාවේ දී ඊට පිළිතුරු වශයෙන් පැවසුවේ, "අපි 225 ම එකතු වෙලා විනය හැසිරීම කතාව පාලනය කල යුතුයි. පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කරලා ළමයි ගැන පවුල් ගැන මඩ ගහනවා. පාර්ලිමේන්තුව නියෝජනය නොකරන කෙනෙකුට මඩ ගහන එක, අධිකරණයට අපහාස කිරීම අධිකරණ විනිසුරුවරුන් විවේචනය කිරීම එක් එක් පුද්ගලයින් ඉලක්ක කර මඩ ගැසීම පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙමින් කරන තක්කඩි ප්‍රකාශ කිරීම වහා ම නතර කළ යුතුයි." යනුවෙන්.
ඒ අනුව පාර්ලිමේන්තුව තුළ ඕනෑ ම දෙයක් කියන්න පුළුවන් කියන කාරණාව ඉවත් කළ යුතු බවත්, පාර්ලිමේන්තු වරප්‍රසාදවලට සංශෝධන හෝ නව නීති ගෙන ආයුතු බවයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.