යක්කු එලවගන්න පල්ලි ගිය කාන්තාව වතුර බී මරුට: වෛද්‍යවරයෙකු වෙත යාමත් ප්‍රතික්ෂේප කරලා

MonaraMonara

මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රදේශයෙ පවත්වාගෙන යනු ලබන රෝග සුව කරන බව පැවසෙන ස්ථානයකදී රෝගී තත්වයෙන් පසුවු කාන්තාවකට ජලය පානය කිරීමට දීමේන් පසු විජලනය හා දැඩි ශ්වසන ආබාධයකට ලක්වී රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ මුන්දලම විල්පොත පදිංචි කළුමරක්කලගේ රේණුකා ඉන්ද්‍රකාන්ති නැමති දෙදරු මවක්.

ඇය වසර 35 කට ආසන්න කාලයක් මැද පෙරදීග රටවල ගෘහ සේවිකාවක් ලෙස සේවය කරමින් සිට ඇති බවත් අවසන් වරට එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙ ඩුබායි නගරයෙ සේවය කරමින් සිට ඇති බවත් ඇගේ ඥාතින් පවසති.

එසේ සේවය කරමින් සිට සති කිපයකට පෙර මෙරටට පැමිනි මෙම කාන්තාව යම් මානසික අපහසුතාවයකින් සිටිම නිසා එකම දියණීය ඒ පිළිබදව විමසිමේදි පවසා ඇත්තේ මැද පෙරදිග රටක සේවය කරමින් සිටියදී යම් කිසි භුතයකු තම සිරුරට ඇතුළු වී තමන්ට කරදර කරන බවත් එය සුව කර ගැනිමට හැකි තැනක් සොයා දෙන ලෙසට දියණියට පවසා ඇති බවයි.

එහිදි තම මව කිසියම් මානසික රෝගයකින් පෙළෙන බවට තේරුම් ගත් දියණීය ඇය වෛද්‍ය වරයකුට පෙන්විම සදහා උත්සහ ගත්තද මෙම කාන්තාව දිගින් දිගටම එය ප්‍රතිප්ශේප කර ඇති බවත් සඳහන්.

පසුව පවුලේ ඥාතින් විසින් මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රදේශයෙ පවත්වාගෙන යනු ලබන බබා මාමාගේ පල්ලිය ලෙස හැදින්වෙන ස්ථානය වෙත රැගෙන ගොස් ඇති අතර එහිදි පාස්ටර්වරයයෙකු ලබා දුන් ජල බෝතල් කිපයක් පානය කිරීමට දි ඇති අතර පසුව යම් රෝගී තත්වයකින් රෝහල්ගත කිරීමෙන් අනතුව ඇය මියගොස් ඇතැයි පොලීසිය පවසනවා.

මෙම මරණය සම්බන්ධව මදුරන්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශණ පවත්වනු ලබනවා.