කැනඩාවේ සිට පැමිණි කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගුවේදී අල්ලයි: කැනඩාවේ සිට දිවයිනට කාගෝ ආයතනයක් හරහා යොමු කරන ලද භාණ්ඩ අඩංගු ලී පෙට්ටි දෙකක සූක්ෂම ලෙස සඟවා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
කැනඩාවේ සිට දිවයිනට කාගෝ ආයතනයක් හරහා යොමු කරන ලද භාණ්ඩ අඩංගු ලී පෙට්ටි දෙකක සූක්ෂම ලෙස සඟවා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
අප්‍රේල් මස 24 වනදා කැනඩාවේ පදිංචි පුද්ගලයෙකු විසින් පෑලියගොඩ පිහිටි කාගෝ ආයතනය හරහා යාපනයේ පදිංචි පුද්ගලයෙකු වෙත එවන ලද භාණ්ඩ අඩංගු ලී පෙට්ටි දෙකක් පරීක්ෂාවට ලක් කිරීමේදී අදාළ මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත්තේ.
එහි ව්‍යාජ පතුල් දෙකක් සාදා සූක්ෂම ලෙස සඟවා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 ක් අඩංගු පාර්සල් 24 ක් රේගු නිලධාරීන් සොයාගෙන තිබුණා.
මෙම භාණ්ඩ රේගුවෙන් නිදහස් කරගැනීම සඳහා එම භාණ්ඩවල හිමිකරු බලය පැවරූ වාප්පු ලිපිකරුවෙකු ඉදිරිපත්ව තිබූ අතර, මත්ද්‍රව්‍ය තොගය සමග ඔහුවද රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබුණා.
රේගු භාරයට ගැනුණු මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 84 පමණ වනවා.