කළුතර සිසුවියගේ ජංගම දුරකතනය තවමත් අතුරුදන්.: අභිරහස් ලෙස මියගිය කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප‍්‍රධාන සැකකරු, අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

MonaraMonara

කළුතර පාසල් සිසුවියගේ අභිරහස් මරණය.

අභිරහස් ලෙස මියගිය කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප‍්‍රධාන සැකකරු, අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

එසේම, මියගිය සිසුවියගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම් සම්බන්ධයෙන්ද මේ වනවිට විමර්ශකයින්ගේ අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ කාලසීමාව තුළ ලැබුණු ඇමතුම් සම්බන්ධවයි මෙලෙස විමර්ශකයින්ගේ අවධානය යොමුව ඇත්තේ.

පාසල් සිසුවියගේ ජංගම දුරකතනය මෙතෙක් සොයාගෙන නැහැ.

සිසුවිය මියගිය පසු ප‍්‍රධාන සැකකරු විසින් මිතුරිය සහ මිතුරියගේ පෙම්වතා එම ස්ථානයට යළි කැඳවා ඇති අතර, එම ස්ථානයට පැමිණි ඔවුන් සිසුවියගේ දුරකථනය දුම්රිය මාර්ගයට එපිටින් වූ කළපුව දෙසට විසි කළ බව අනාවරණ වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් මේ වනවිට පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

විමර්ශකයින් සඳහන් කළේ ඇය හෝටලයේ තුන්වන මහලෙන් බිමට පැන සියදිවි හානිකර ගත් බවට සැකකරු ප‍්‍රකාශ කරන බවයි.

තමන් ඇය සමඟ සිටින අවස්ථාවේ ඇයට දුරකථන ඇමතුම් කිහිපයක් ලැබුණු බවත් ඒ හේතුවෙන් ඇය දිවගොස් මෙය සිදුකරගත් බවත්, සැකකරු පොලිසිය හමුවේ ප‍්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, විමර්ශකයින්සඳහන්කළේ සැකකරුගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් සැක මතුවන බැවින් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකරන බවයි.