ජූලි 1 - බස් ගාස්තුවේ වෙනසක් නැහැ: ජූලි මස පළමුවැනිදාට බස් ගාස්තු සංශෝධනයක් කිරීමට නියමිතව තිබුණද පවතින බස් ගාස්තුවේ වෙනසක් සිදු නොවන බව ප්‍රවාහන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළා.
Colombo (Monara) June 29; ජූලි මස පළමුවැනිදාට බස් ගාස්තු සංශෝධනයක් කිරීමට නියමිතව තිබුණද පවතින බස් ගාස්තුවේ වෙනසක් සිදු නොවන බව ප්‍රවාහන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළා.
වසර මැද නිල බස් ගාස්තු සංශෝධනයට අනුව බස් ගාස්තුව 7%කින් වැඩි කළ යුතු වුවත් කොවිඩ් සමයේ ඉහළ දැමූ 10% බස් ගාස්තුවට එම වැඩිවිය යුතු ප්‍රමාණය හිලව් කළ බවද ඔහු කියා සිටියා.
බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා මේ සම්බන්ධයෙන් නිල වශයෙන් ජනතාව දැනුවත් කරන බවයි අදාළ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ.