කැන්බරා ඛේදවාචකයට ලාංකිකයෙක් අත්අඩංගුවට: භූතාන කාන්තාවක් ඝාතනය කරයි
29 හැවිරිදි ජූඩ් විජේසිංහ නමැති ශ්‍රී ලාංකිකයා මිනීමැරුම් චෝදනා මත ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඔස්ට්‍රේලියාවේ කැන්බරා සත්වෝද්‍යානයේදී වූ කාන්තාවකගේ ඝාතන සිද්ධියට සැකපිටයි.
ඔහු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඔහු සමඟ සේවය කළ භූතාන ජාතික කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදීමෙන් ඝාතනය කිරීම සම්බන්ධයෙනි.
ඔවුන් දෙදෙනා කැන්බරා සත්වෝද්‍යානයේ මුළුතැන්ගෙයි සේවය කරමින් සිටි බවයි වාර්තා වන්නේ.
ඝාතනයෙන් පසු ජූඩ් විජේසිංහ ද පිහියෙන් හානිකරගෙන ඇති අතර ඔහුගේ සිරුරේ තුවාල දක්නට ලැබුණු බවයි සඳහන් වන්නේ.
ඔහු පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බව සඳහන්.
අත්අඩංගුවට ගත් ජූඩ් විජේසිංහ වසර දෙකකට වැඩි කාලයක් එහි සේවය කර ඇති බව පැවසේ.
සිද්ධිය සම්බන්ධයෙන් එරට බලධාරීන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.