නතාෂාට එරෙහි වූ ඉක්මන් නීතිය ජෙරම්ට නැහැ - පූජ්‍ය කාශ්‍යප හිමි: දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා තෙක්වත් පොලිසිය මෙම දේශනවලට වාරණයක් නිකුත් කළ යුතුයි. මෙම දේශනවලට සහයෝගය දෙන මාධ්‍ය ක්‍රියාකරුවන් කරන්නේ ත්රස්තවාදයට අනුබලදීමක් - පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමි
Colombo (Monara) June 06 - නතාෂා එදිරිසූරියට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූවා සේ, දේවගැති ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බව පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමියන් පවසනවා.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ කියා සිටියේ බුදුදහමට නිගා කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ල ඉදිරිපත් වී, කෙටි කාලයක් තුළ නාතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනුණු බවයි.
අධිකරණයට අවශ්‍ය පුද්ගලයෙක් මෙන්ම පොලිසියේ සැකකරුවෙකුව සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු, මේ වනවිට විදෙස්ගතව සැඟව සිටිනවා.
එසේ සිටියදීත් ඔහු තම දේශන, වීඩියෝ තාක්ෂණය ඔස්සේ ලංකාවේ විවිධ ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් සක්‍රීයව පවත්වන බවටයි කාශ්‍යප හිමියන් චෝදනා කළේ.
එමෙන්ම මිරකල් ඩෝම් ආයතනය පසුගිය දිනවල පොලිස් සහ හමුදා ආරක්ෂාව යටතේ පැවති අතර දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ බිරිඳ සහ දරුවන් දිවයිනට පැමිණිමෙන් පසු එහි දේශනා යළි ආරම්භ කෙරුණා.
මෙම මිරකල් ඩෝම් ආයතනයට මුදල් ලැබෙන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් කතෝලික සභාවෙන් ද චෝදනා එල්ල වූ බවයි කාශ්‍යප හිමියන් යළි සිහිපත් කළේ.
උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළේ, අවම වශයෙන් දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා තෙක්වත් පොලිසිය මෙම දේශනවලට වාරණයක් නිකුත් කළ යුතු බවයි.
එමෙන්ම මෙම දේශන සඳහා සහයෝගය ලබාදෙන මාධ්‍ය ක්‍රියාකරුවන් සිදුකරන්නේ ත්රස්තවාදයට අනුබල දීමක් බවද පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමියන් ප්‍රකාශ කළා.