විදුලිබිල අඩු විය යුතු හැටි ජනක පහදයි: පවතින විදුලි ගාස්තුව 27%කින් අඩු කිරීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසනවා. 

MonaraMonara

එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ, විදුලිබල මණ්ඩලය නිවැරදි වියදම් දත්ත වසන් කරමින් 3%කින් පමණක් විදුලි ගාස්තු අඩු කිරීමට ‌යෝජනා කර ඇති බවයි.

මේ හේතුවෙන් මහජන උපයෝගීතා කොමිසම, විදුලි ගාස්තු අඩු කිරීම සඳහා නිවැරදි දත්ත ඉදිරිපත් කරන්නැයි ලංකා විදුලිබල මණ්ඩලයට දන්වා තිබෙනවා.

MonaraMonara

මෙම වසරේ පෙබරවාරි මාසයේ 66%කින් විදුලි ගාස්තු ඉහළ දැමුවේ, ව්‍යාජ දත්ත ඉදිරිපත් කරමින් බවත් වැඩි කළ යුතුව තිබුණේ 35%කින් පමණක් බවත් මෙහිදී වැඩිදුරටත් සඳහන් කෙරුණා.

විදුලිබල මණ්ඩලය ඇස්තමේන්තු කර ඇති ගිගාවොට් 16,550ක විදුලි ඉල්ලුම වැරදි බවත් මහජන උපයෝගීතා‌ කොමිසම ඇස්තමේන්තු කළේ මෙම වසරේ විදුලි ඉල්ලුම ගිගාවොට් 15,050ක් දක්වා සීමා වන බවත්ය.

මෙහිදී ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමේ ‌දත්ත නිවැරදි බවට පිළිගත් අතර ඔවුන්ගේ ඉල්ලුම අධිතක්සේරු බවයි.

MonaraMonara

MonaraMonara