ඇකිරියගල කනිටු විදුහල් ගොඩනැගිල්ලට කොස් ගසක් කඩා වැටේ - දරුවන් 8කට තුවාල: ගොඩනැගිල්ල සෙවිලි කර තිබූ උළු කැට කැඩී ඒවා පංති කාමරය තුළ ඉගෙනුම ලබමින් සිටි දරුවන්ගේ හිස මතට කඩා වැටීමෙනුයි මෙලෙස දරුවන් තුවාල ලබා ඇත්තේ.

MonaraMonara

කෑගල්ල ඇකිරියගල කනිටු විදුහලේ ගොඩනැගිල්ලකට කොස් ගසක් කඩා වැටේ

MonaraMonara

කෑගල්ල ඇකිරියගල කනිටු විදුහලේ ගොඩනැගිල්ලකට කොස් ගසක් කඩා වැටේ

කෑගල්ල - ඇකිරියගල කනිෂ්ඨ විද්‍යාලයේ 4වන ශ්‍රේණියේ පංති කාමර ගොඩනැගිල්ලක් මතට කොස් ගසක් කඩා වැටීමෙන් දරුවන් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදුහල් භූමියේ තිබූ කොස්ගසක් සුළඟට ඉදිරී පංති කාමර ගොඩනැගිල්ල මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ගොඩනැගිල්ල සෙවිලි කර තිබූ උළු කැට කැඩී ඒවා පංති කාමරය තුළ ඉගෙනුම ලබමින් සිටි දරුවන්ගේ හිස මතට කඩා වැටීමෙනුයි මෙලෙස දරුවන් තුවාල ලබා ඇත්තේ.

තුවාල ලැබූවන් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ශිෂ්‍යයන් 7 දෙනෙකු සහ එක් ශිෂ්‍යාවක් ඔවුන් අතරවනවා