හැරිසන්ගේ තැන චන්ද්‍රානිට දෙන්න සජිත්ගෙන් තීරණයක්: පී. හැරිසන් මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදෙන බවට ප්‍රකාශ කිරීමත් සමඟ අනුරාධපුර - බටහිර සංවිධායක ධූරයේ වැඩ බැලීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි චන්ද්‍රානි බණ්ඩාර පත්කර තිබෙනවා.

MonaraMonara

පී. හැරිසන් ඉවත්වීමෙන් පුරප්පාඩු වූ තනතුරේ වැඩ බැලීමට චන්ද්‍රානි බණ්ඩාර පත් කෙරේ.

සමගි ජන බලවේගයේ උප සභාපතිවරයෙකු වන පී. හැරිසන් මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කොන්දේසි විරහිතව සහාය ලබාදෙන බවට ප්‍රකාශ කිරීමත් සමඟ ඔහු දැරූ අනුරාධපුර - බටහිර සංවිධායක ධූරයේ වැඩ බැලීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පත්කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අනුරාධපුර ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පී.හැරිසන් මහතා ජනාධිපතිවරයාට සහය පළකරන බව ප්‍රකාශ කළ අතර, තවත් පිරිසක් ඉදිරියේදී එක්වන බවද සඳහන් කළා.