උද්ධමනය ඉහළට: ආහාර උද්ධමනයේ වෙනසක් නැහැ

MonaraMonara

ඡායාරූපය - Getty Images

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය ඔක්තෝබර් මාසයේදී ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව 2023 වසරේ සැප්තැම්බර් මාසයේදී සියයට 1.3 ක්ව පැවති උද්ධමනය මෙම මාසයේදී සියයට 1.5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආහාර උද්ධමනයේ වෙනසක් සිදුව නොමැති අතර එය සඳහන් වන්නේ සෘණ 5.2ක් ලෙසයි.