එක රැයින් ආනයන සීමා ලිහිල් කරන්න බැහැ - රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ: පවතින ආනයන සීමා ලිහිල් කිරීම රටේ ආර්ථිකයට තවත් ශක්තියක් වනු ඇති බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා එක රැයකින් ආනයන සීමා සියල්ල ලිහිල් කළ නොහැකි බවයි පෙන්වා දුන්නේ.

MonaraMonara

ඡායාරූපය - colomboguardian.com

Colombo (Monara) June 03 - මහබැංකුව විසින් ප්‍රතිපත්තිමය පොළී අනුපාතය අඩු කිරීමේ වාසිය ගණුදෙනුකරුවන් වෙත යොමු වීමට කෙටි කලක් ගතවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා.

එසේම, ප්‍රතිපත්ති පොළී අනුපාතික අඩු කිරීමෙන් රජයට ලැබෙන වාසිය ඉදිරි සතියේදී දැකගත හැකිවනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අනුරාධපුර ඊයේ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

ව්‍යාපාර සිදුකිරීමට හැකි පරිසරයක් මේ වනවිට රට තුළ නිර්මාණය වෙමින් පවතින බව පැවසූ ඔහු ශ්‍රී ලංකාව අසීරුම කාලය පසුකරගෙන යන බව කියා සිටියා.

පවතින ආනයන සීමා ලිහිල් කිරීම රටේ ආර්ථිකයට තවත් ශක්තියක් වනු ඇති බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා එක රැයකින් ආනයන සීමා සියල්ල ලිහිල් කළ නොහැකි බවයි පෙන්වා දුන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුව ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමඟ සාකච්ජා කර එහිදී ගන්නා තීරණවලට අනුව ලබන මාසයේ අග පමණ වනවිට රටේ පවතින ආනයන සීමා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සම්බන්ධයෙන් වැඩපිළිවෙල ඉදිරිපත් කළ යුතුව ඇති බවද ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළා.