IMF දෙවන වාරිකය පමා වන ලකුණු: වෙනස්කම්වල අවශ්‍යතාව අවධාරණය කෙරේ

MonaraMonara

ඡායාරූපය - dunya.com

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමට අදාළ දෙවන වාරිකය නිදහස් කිරීම පමා වනු ඇතැයි වාර්තා වනවා.

ඒ, ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් සමාලෝචනය සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස කොළඹ අද පැවති මාධ්‍ය හමුවේදී දැක්වූ කරුණු සැලකිල්ලට ගැනීමේදීයි.

එම නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා වන පීටර් බෘෘවර් මහතා පැවසුවේ මෙරට ආර්ථිකයේ ඇතැම් සුබදායි ලක්ෂණ පෙන්වූවද තවදුරටත් විවිධ අංශවල වෙනස්කම් සිදුවිය යුතුව ඇති බවයි.

විශේෂයෙන්ම බදු එකතු කිරීමේ ක්‍රමවේදයේ ඇති ගැටලු සම්බන්ධයෙන් ඔවුන් විවිධ කරුණු මෙහිදී පෙන්වා දුන්නා.

දෙවන වාරිකය ලබාදීමට අදාළ මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට පිවිසීම සඳහා කණ්ඩායම තවදුරටත් සාකච්ඡා පවත්වන බව පැවසූ ඔහු මෙම දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට උපකාර කිරීමට අපේක්ෂාවෙන් පසුවන බවද ප්‍රකාශ කළා.

පළමු සමාලෝචනයේ මාණ්ඩලික මට්ටමේ එකඟතාවයට පිවිසීමට තවත් කාලය අවශ්‍ය බවයි පීටර් බෘෘවර් මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් එකඟ වී ඇති ඩොලර් බිලියන 2.9ක ණය විස්තීර්ණ ණය පහසුකමට අදාළ දෙවැනි වාරිකය නිදහස් කිරීම පමා වනු ඇතැයි අනුමාන කෙරෙනවා.