නවසීලන්තයේ දී අවසන් ගමන් ගිය හිරාන්: ඔහු පිහිනීමේ දක්ෂයෙක්
නවසීලන්තයේ ඕක්ලන්ඩ් මුහුදේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලාංකීක තරුණයාගේ මළ සිරුර හමුවී තිබෙනවා.
පසුගිය දෙවැනිදා ඔහු Karioitahi මුහුදේ දී මෙලෙස මුහුදේ ගිලී අතුරුදන් වූ බව සඳහන්.
මරණකරු 19 හැවිරිදි හිරාන් ජෝශප් නම් තරුණයෙක් වනවා.
ඔහු තම වැඩිමහල් සහෝදරයා සහ සමීප මිතුරෙකු සමඟ පිහිනමින් සිටියදීයි මෙලෙස අතුරුදන් වී ඇත්තේ.
ඔහුගේ සහෝදරයා සහ මිතුරා වෙරළට නැවත ගොස් තිබුණ ද, හිරාන් යළි පැමිණියේ නැහැ.
මුදාගැනීමේ කණ්ඩායම් දින පහක් පුරා හිරාන් සෙවීමේ කාර්යෙහි නිරත වූ බවයි වාර්තා වන්නේ.
ඔහු දක්ෂ පිහිනුම් ක්‍රීඩකයෙක් වන බව ද සඳහන්.
පසුගිය දෙවැනිදා මුහුද ඉතා රළු තත්ත්වයක් ගෙන තිබූ බවයි, ප්‍රදේශයේ ධීවරයින් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ.
දියේ ගිලීම් බහුලව වාර්තා වන රටක් ලෙස නවසීලන්තය හඳුන්වා දිය හැකියි.
2023 වසරේ දී පමණක් දියේ ගිලී මියයෑම් 90ක් වාර්තා වූ බවයි නවසීලන්තයේ ජල ආරක්ෂණ ඒකකය සඳහන් කළේ.