පාතාලයේ ඝාතනවලට උදවු කළ 'මාධ්‍යවේදියාගේ' සියලු තොරතුරු මෙන්න: STF රහස් මෙහෙයුම කළේ මෙලෙසයි

MonaraMonara

අවිස්සාවේල්ල තල්දූව ඉහළමංකඩ ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් monara.com වෙබ් අඩවිය කළ කරුණු විමසීමක දී පොලිසියේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ මෙම මාධ්‍යවේදියා සමග සබඳතා පැවැත්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ද කරුණු සොයා බලනු ඇති බවයි.

මෙම සිදුවීමට අදාලව සැකකරුවන් සිව්දෙනකු විශේෂ කාර්ය බළකාය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි අවිස්සාවේල්ල පොලිසිය සඳහන් කළේ.

ඡායාරූපය - පොලිස් විශේෂ කාර්ය බලකාය.ඡායාරූපය - පොලිස් විශේෂ කාර්ය බලකාය.

ඡායාරූපය - පොලිස් විශේෂ කාර්ය බලකාය.

සැකකාර මාධ්‍යවේදීයා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් අවසර ලබා දී ඇති අතර, සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වී ඇත්තේ, ඔහු අදාළ වෙඩිතැබීමේ සිද්ධිය මෙහෙයවූ ඩුබායි හි සිටින 'මන්නා රමේෂ්' නමැති අපරාධකරුට රහසිගතව තොරතුරු ලබා දී ඇති බවයි.

ඔහුගේ ජංගම දුරකතනයෙන් 'මන්නා රමේෂ්' නමැත්තාට දුරකතන ඇමතුම් 18ක් ලබා ගෙන ඇති බවට ද තොරතුරු හෙළිව ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඡායාරූපය - පොලිස් විශේෂ කාර්ය බලකායඡායාරූපය - පොලිස් විශේෂ කාර්ය බලකාය

ඡායාරූපය - පොලිස් විශේෂ කාර්ය බලකාය

මාධ්‍යවේදියාගේ බැංකු ගිණුමට මන්නා රමේෂ් මුදල් බැර කර ඇති බව ද පොලිස් විමර්ශකයන් සොයාගෙන තිබෙනවා.

ඉකුත් 20 වැනිදා, කෑගල්ල ප්‍රදේශයේ අවමංගල්‍යයකට සහභාගී වී ත්‍රිරෝද රථයකින් පැමිණෙමින් සිටි සිටි පිරිසක් ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.

ඡායාරූපය - පොලිස් විශේෂ කාර්ය බලකායඡායාරූපය - පොලිස් විශේෂ කාර්ය බලකාය

ඡායාරූපය - පොලිස් විශේෂ කාර්ය බලකාය

විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.එම්.එන්.කේ. මාරසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත්තේ ඩුබායිහි සැඟව සිටින මන්නා රමේෂ් නැමැත්තාගේ දුරකතන විශ්ලේෂණය කිරීමෙන් හෙළි වු තොරතුරු අනුවයි.

ඡායාරූපය - පොලිස් විශේෂ කාර්ය බලකායඡායාරූපය - පොලිස් විශේෂ කාර්ය බලකාය

ඡායාරූපය - පොලිස් විශේෂ කාර්ය බලකාය