මධ්‍යම අප්‍රිකාවේ දී, මෙරට හමුදාවට අයත් හෙලිකොප්ටරය පැහැර ගත්තා ද?: ගුවන් හමුදාවෙන් පැහැදිලි කිරීමක්

MonaraMonara

ඊයේ (12) මධ්‍යම අප්‍රිකාවේ දී අනතුරකට පත් සාම සාධක රාජකාරිවල යොදවා තිබුණු එම්.අයි. 17 ගුවන් යානයේ ගුවන් නියමුවා ඇතුළු 05 දෙනා ම ආරක්ෂිත බවත්, මේ වනවිට සමහර මාධ්‍ය ධාරා ඔස්සේ ප්‍රචාරය වන ආකාරයට ඔවුන් ත්‍රස්තවාදී කණ්ඩායමකගේ ග්‍රහණයේ නොමැති බවත්, ගුවන් හමුදාව පවසනවා.

ඒ අනුව ගුවන් හමුදාව ප්‍රකාශ කරන්නේ පසුගිය දා සෝමාලියාවේ මෙහෙයුම්වලට ලෝක ආහාර සංවිධානය විසින් යොදවා තිබුණු ගුවන් යානය මුහුණ දුන් සිදු වීමත් ඊයේ මෙරට ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරය මුහුණ දුන් අනතුර දෙකක් බවත්, ඒවා එකිනෙකට පටලවාගත යුතු නැති බවයි.

මේ අතර ශ්‍රී ලංකා හමුදාව සෝමාලියාවේ සාම සාධක හමුදා රාජකාරියේ යොදවා නොමැති බව ප්‍රකාශ කරන ගුවන් හමුදාව වැඩිදුරටත් පවසන්නේ, ඊයේ අනතුරට පත් වූයේ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරියේ යොදවා ඇති ගුවන් හමුදාවට අයත් එම්.අයි. 17 වර්ගයේ හෙළිකොප්ටර් යානා තුනෙන් එකක් බවයි.

තව ද අදාළ යානය අනතුරට ලක් වීමට හේතුව එම ප්‍රදේශයේ පැවති අධික දූවිලි සහිත අයහපත් තත්ත්වය බව පරීක්ෂණවලින් අනාවරණය වූ බව ද ගුවන් හමුදාව පවසනවා.

MonaraMonara

හෙලිකොප්ටරය අනතුරට ලක්ව තිබූ අයුරු