සුව ඇමති NMRA අධ්‍යක්ෂ මණ්ඩලය කැඳවයි?: ‌ඉල්ලා අස්වන ලෙසට නියෝග?

MonaraMonara

සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය කැඳවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආංරචි මාර්ග අනාවරණ කරනවා.

නමුත් එම කැඳවීමට එම අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයා කැඳවා නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙසට නියෝග කිරීමට නියමිත බව ද ආරංචි මාර්ග අනාවරණ කරනවා.

කෙසේවෙතත් ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත්කර තිබෙනවා.