Exclusive -'හරීන්' මැතිවරණ සටන දඹුල්ලෙන් අරඹයි: ජනපති අතින් ඉඩම් ඔප්පු ලබාගැනීමට 20,000ක් ලබන මස 05 වැනිදා දඹුල්ල ක්‍රීඩාංගණයට

MonaraMonara

එක්සත් ජාතික පක්ෂය නොනිල වශයෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු ලබන මස 05 වැනිදා දඹුල්ලෙන් ආරම්භ කරන බව 'මොනරා'ට වාර්තා වනවා.

මෙවර මැතිවරණ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ප්‍රධානත්වය ගෙන ඇත්තේ ඉඩම්, සංචාරක, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතායි.

ඒ අනුව පසුගිය දින දෙක තුළ හරීන් ප්‍රනාන්දු මහතා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සංචාරයක යෙදී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වන ඉඩම් ඔප්පු ප්‍රදානයක් ලබන මස 05 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා 20,000ක් සහභාගී වන බවද වාර්තා වනවා.

මේ ආකාරයේ ඉඩම් ඔප්පු බෙදාදීමේ වැඩසටහන් රැසක් දිවයින පුරා සංවිධානය කෙරෙන අතර, ඊට සාමගාමීව වත්මන් රජයේ මැතිවරණ සටනද ක්‍රියාත්මක කෙරෙන බව හෙළි වනවා.