ආණ්ඩුවේ විනෝදාංශය මර්දනයයි: ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව රවී විරෝධයකට සැරසේ

MonaraMonara

ඇහුම්කන් දීම වෙනුවට මර්දනය වත්මන් ආණ්ඩුවේ විනෝදාංශය වී ඇතැයි රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසනවා.

ප්‍රතිත්‍රස්ත පනත තුළ සෞඛ්‍ය වෘත්තීය සමිති මර්දනය සඳහා රජය විශේෂ අවධානයක් යොමු කිරීම මගින්, සෞඛ්‍ය සේවයේ හොරා කෑම නතර කිරීමට වඩා ඒවා හෙළිදරව් කිරීම වැළැක්වීමට රජය සැලසුම් කරමින් සිටින බව ඉතා පැහැදිලි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සෞඛ්‍ය සේවාවේ ඕනෑම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස නම් කිරීමට හැකිවන පරිදි ප්‍රතිත්‍රස්ත පනතින් අවස්ථාව ලබා ගැනීමට උත්සාහ කිරීමට එරෙහිව ඉදිරියේදී දැවැන්ත විරෝධතාවයක් සිදුකරන බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.