විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට රජයෙන් නව නිවාස ව්‍යාපෘති: විදේශගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක් සඳහා මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පියවර ගෙන තිබෙනවා.

MonaraMonara

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට රජයෙන් නව නිවාස ව්‍යාපෘති

විදේශගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක් සඳහා මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

විදේශගත ශ්‍රමිකයින් ඇතුළු විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතාවය අනුව නාගරික තට්ටු නිවාස සංකීර්ණ ලෙස, ග්‍රාමීය තනි නිවාස සංකීර්ණ ලෙස සහ පුද්ගලික ඉඩම්වල නිවෙස් ඉදිකිරීම සඳහා ද මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මේ සදහා වන මූල්‍ය දායකත්වය ලබාදීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ නාගරික හා නිවාස සංවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගම මහතා අතර අද පැවැත්වුණා.

විදේශගත ශ්‍රමිකයින්ගේ නිවාස අවශ්‍යතාවය සම්බන්ධයෙන් වන සමීක්ෂණයක් ලබන සදුදා ආරම්භ කිරීමට එහිදී තීරණය වී ඇති අතර සති දෙකක් තුළදී එම තොරතුරු ලබාගැනීමට අපේක්ෂිතයි.