රත්තරන් මිශ්‍ර පස් රට පටවලා: රේගු නිලධාරීන්ගේ තවත් මගඩියක් හෙළිවෙයි
භූ විද්‍යා කාර්යංශයේ අනුමැතියකින් තොරව රත්රන් මිශ්‍ර පස් කන්ටේනරයක් රේගුව හරහා අනීතිකව අපනයනය කර ඇති බව භූ විද්‍යා කාර්යංශයේ සභාපති සංජේ පෙරේරා පවසනවා.
ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට රේගුවෙන් ලිඛිතව ඉල්ලා ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ.
එලෙස ලබා ගන්නා ලද රත්රන් මිශ්‍රිත පස් නිසි අනුමැතියකින් තොරව අවස්ථා කිහිපයකදීම පිටරටට අපනයනය කිරීමේ අනීතික ක්‍රියාවලියක් පසුගිය කාලසීමාවේ ක්‍රියාත්මක වි තිබෙනවා.
ඒ අනුව එලෙස රත්රන් මිශ්‍රිත පස් බහාලුම් 5ක් F.M.F ලංකා එක්ස්පෝර්ට් සමාගම මගින් අපනයනය කර ඇති අතර, ඒවා අපනයනය කර ඇත්තේ රේගු නිලධාරීන්ගේ නිසි පරික්ෂාවකින් තොර බවට 2018 වර්ෂයේ සිදු කළ රත්රන් මිශ්‍රිත පස් අපනයනය කිරීම පිළිබඳ විශේෂ විගණන වාර්තාවකින් අනාවරණ වුණා.
විගණන දෙපාර්තමේන්තුවේ නිර්දේශය වූයේ රේගු නිලධාරීන් මේ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.
ඊට සම්බන්ධ වී ක්‍රියා කළ භූ විද්‍යා කාර්යංශයේ නිලධාරීන් දෙදෙනෙකුගේ ද වැඩ තහනම් කර තිබුණා.