ශ්‍රී ලංකාවේ බාහිර ණය ගැන විදෙස් රටවල තීරණය: චීනය වෙනම ගමනක

MonaraMonara

ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනය හැර මෙරට අනෙකුත් නිල ණයහිමියන් සූදානමින් සිටින බව බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරනවා.

අමෙරිකාව, ජපානය සහ ඉන්දියාව මේ සම්බන්ධයෙන් පෙරමුණ ගෙන කටයුතු කරන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය එකඟතාවයට පැමිණ අදාළ එකඟතාවයට ලබන මස මොරොක්කෝවේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවේදී අත්සන් තැබීමට ප්‍රධාන ණයගැතියන්ගේ කණ්ඩායම බලාපොරොත්තුවෙන් සිටින බවයි එම පුවත් සේවය පෙන්වා දෙන්නේ.

චීනය ශ්‍රී ලංකාව සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම්කර ඇති බවත් ශ්‍රී ලංකාව ලබා ඇති බාහිර ණය වලින් 10%ක් පමණ චීනය සතු වන බවත් එම පුවත් වාර්තාවේ සඳහන්.