සුරාබදු ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය තීරණය කරයි: නවතම බදු ගාස්තුව මෙන්න
සුරාබදු ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ බවයි, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව බලපත්‍රලාභී නිෂ්පාදනාගාරයක නිපදවන විශේෂ අරක්කු මැත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකටම රුපියල් 6000ක් වන බද්ද රුපියල් 6840 ක් දක්වා ඉහළ යනු ඇති.
එමෙන්ම විදේශීය ස්ප්‍රීතු මත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකටම රුපියල් 6600ක් වන බද්ද රුපියල් 7320ක් දක්වා ඉහළ දැමීමටයි පියවර ගෙන ඇත්තේ.
මෙම බදු සංශෝධන අද (01) අද සිට ක්‍රියාත්මක වන බව ද මුදල් අමාත්‍යංශය නිවේදනය කළා.