තාත්තයි - පුතයි එකතු වී පොලිස් සැරයන්ට පහරදීලා: ගුටි කෑ සැරයන් රෝහලේ

MonaraMonara

රාජකාරිය අවසන් වී සිය නිවස වෙත යමින් සිටි පොලිස් සැරයන්වරයෙකුට කළුතර - ගල්පොත්ත හන්දිය ආසන්නයේදී පිය - පුතු යුවළක් පහරදී තුවාල සිදුකර තිබෙනවා.

පහරකෑමෙන් තුවාල ලැබූ සැරයන්වරයා රෝහල් ගතකර ඇති බවයි කළුතර දකුණ පොලීසිය කියා සිටියේ.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ, සහකාර පොලිස් අධිකාරී කාර්යාල 3 ට අනුයුක්තව රාජකාරි සිදුකරන කළුතර - රෙමුණගොඩ ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයෙක්.

මේ වනවිට ඔහුට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති අතර, සැරයන්වරයා තවදුරටත් කළුතර - නාගොඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් වාර්තා වනවා.