ලෙඩ නිවාඩු දැමූ සේවකයින් ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට: කරුණු 05 ක් මුල් කරගනිමින් විරෝධයක්

MonaraMonara

කොළඹ පිහිටි ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී අද කරුණු 5 ක් මුල් කරගනිමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ලංකා විදුලි සේවක සංගමය පවත්වනු ලැබුවා.

ඊට සහභාගී වීම සඳහා විදුලි සේවකයන් සැලකිය යුතු පිරිසක් ලෙඩ නිවාඩු වාර්තා කර කොළඹට පැමිණ තිබූ අතර, විරෝධතාවය හේතුවෙන් කොම්පඤ්ඤවීදියේ සිට කොටුව දෙසට දැඩි රථ වාහන තදබදයක්ද හටගත්තා.

ලංකා විදුලි බල මණ්ඩලය සමාගම් 14 කට කොටස් කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුව විදුලි බිල වැඩි කිරීම, වැටුප් විෂමතාවය ඉවත් නොකිරීම, නියමිත උසස්වීම් ලබා නොදීම සහ අමාත්‍යවරයා සාකච්ඡාවක් ලබා නොදීම යන කරුණු මුල් කරගනිමින් විරෝධතාව පැවැත් වූ බවයි ලංකා විදුලි සේවක සංගමය කියා සිටියේ.