ඉන්දියාවේ බිත්තර තවත් මාස දෙකයි: ආනයනය අත්හිටුවීමේ තීරණයක්

MonaraMonara

ඡායාරූපය - newagebd.net

දේශීය බිත්තර නිෂ්පාදනයේ වර්ධනයක් පෙන්නුම් කිරීමත් සමග ඉදිරි මාස දෙකේදී ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම අත්හිටුවීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

පසුගිය කාලයේදී බිත්තර නිෂ්පාදකයින්ට නිසියාකාරව නොලැබුණු අමු ද්‍රව්‍ය නැවත ලබාදීම මගින් දේශීය බිත්තර නිෂ්පාදනයේ වර්ධනයක් මේ වනවිට දක්නට ලැබෙයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

එම තත්ත්වය සැලකිල්ලට ගෙනයි මෙලෙස බිත්තර ආනයනය නතර කිරීමට තීරණය කර ඇත්තේ.

මව් සතුන් ගෙන්වීමට අවස්ථාව ලබාදීම, නිෂ්පාදකයින්ට මුදල් ලබාදීම, බඩඉරිඟු ගෙන්වීමට අවස්ථාව ලබාදීම ඇතුළු පහසුකම් ලබාදීමත් සමග මෙරට බිත්තර නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බවයි වෙළෙද අමාත්‍යංශය තවදුරටත් කියා සිටියේ.