බිත්තර ආනයනය නවතින ලකුණු: බිත්තර ලක්ෂ 750 ක් ආනයනයට
බිත්තර ආනයනය නතර කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඒ, පාරිභෝගිකයන්ට දේශීය බිත්තරයක් රුපියල් 30 ත් 35 ත් අතර මිලකට හිඟයකින් තොරව ලබා දීමට ලැබෙන අවස්ථාවක දීයි.
දේශීය බිත්තර රුපියල් 60 - 65 ට අලෙවි කරමින් බිත්තර නිෂ්පාදකයන් අසීමිත ලාභයක ලැබූ බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් එය පාලනය කිරීමට බිත්තර ආනයනය කිරීමට සිදු වූ බව රාජ්ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා කියා සිටියා.
ඒ අනුව දෛනිකව බිත්තර දස ලක්ෂය බැගින් මේ දක්වා ආනයනය කර ඇති ප්රමාණය ලක්ෂ 750 ක්.
ඒවා රුපියල් 40 ත් 45 ත් මිලකට දිවයින පුරා පිහිටා ඇති ලංකා සතොස හා සුපිරි වෙළෙඳසල් හරහා ජනතාවට අලෙවි කෙරෙන බව සඳහන්.
මේ අතර ලබන දෙසැම්බර් මාසය වනවිට රට දේශීය බිත්තරවලින් ස්වයංපෝෂිත කරන බව සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා ප්රකාශ කළා.
ඒ අනුව දේශීය බිත්තරයක මිල රුපියල් 30 - 35 ට අඩු වන බව ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේ.