වැල්ලම්පිටියේ පාසල් අනතුරු ගැන නිරීක්ෂණයට අධ්‍යාපන බලධාරීන් පැමිණෙයි: නිරීක්ෂණ වාර්තාව ආණ්ඩුකාරවරයා වෙත

MonaraMonara

ඡායාරූප - කොළඹ - වසන්ත නිරෝෂන්

වැල්ලම්පිටිය, වේරගොඩ විද්‍යාලයේ අනතුර සිදුවූ ස්ථානය නිරීක්ෂණය කිරීමට අධ්‍යාපන බලධාරීන් පිරිසක් අද පාසල වෙත පැමිණියා.

බස්නාහිර පළාත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ A.G.නිමල් ජයවීර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අද දිනයේ දී පාසල නිරීක්ෂණ කළ අතර අනතුර සිදුවූ ස්ථානය හා ඒ අවට ප්‍රදේශය ද පරීක්ෂාවට ලක් කළා.

ඡායාරූප - කොළඹ - වසන්ත නිරෝෂන්ඡායාරූප - කොළඹ - වසන්ත නිරෝෂන්

ඡායාරූප - කොළඹ - වසන්ත නිරෝෂන්

අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන බලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබුණේ, සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි.

ඒ අනුව එම විමර්ශනය සිදුකර එහි වාර්තාවක් කඩිනමින් ලබා දෙන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කර තිබුණේ.

එහිදී අදහස් දැක්වු බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ A.G.නිමල් ජයවීර මහතා,


ඡායාරූප - කොළඹ - වසන්ත නිරෝෂන්
ඡායාරූප - කොළඹ - වසන්ත නිරෝෂන්

A.G.නිමල් ජයවීර - බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඡායාරූප - කොළඹ - වසන්ත නිරෝෂන්

“මෙම සිදුවීම සම්බන්ධයෙන් අපි පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. අපේ ආණ්ඩුකාරතුමාගේ උපදෙස් පරිදි.. පරීක්ෂණ මණ්ඩලයක් පත්කරලා තියෙනවා... ඒ පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට තමයි අපි අද මෙම පාසලට පැමිණියේ.. අපි නිරීක්ෂණය කළා.. නිරීක්ෂණ වාර්තාවක් අපි ආණ්ඩුකාරවරයාට ලබා දෙනවා.. ඊට පස්සේ තමයි අපි මේ සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ..

මාධ්‍යවේදියා - මේක නිසි ප්‍රමිතියකට හදලා නෑ කියලා එහෙම තේරෙනවාද?

ඒ සම්බන්ධයෙන් තොරතුරක් අපිට කියන්න බෑ.. අපි සියලුම තොරතුරු ගත්තට පස්සේ අපිට ඒ ලබා ගන්න තොරතුරු කියන්න පුළුවන්”

වැල්ලම්පිටිය, වේරගොඩැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ ජල කරාම සවිකර තිබූ තාප්පයක් කඩා වැටීමෙන් පාසලේ පළමු ශ්‍රේණියේ සිසුවෙකු මියගොස් තවත් සිසුන් 05 දෙනෙකු තුවාල ලැබුවා.

ඡායාරූප - දිනමිණ ඡායාරූප - දිනමිණ

ඡායාරූප - දිනමිණ

අනතුරින් තුවාල ලැබු සිසුන් 06 දෙනා කොළඹ ජාතික රෝහලටත් එක් සිසුවෙකු රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

ජාතික රෝහලට ඇතුළත් කළ සිසුන් 06 දෙනාගෙන් එක් සිසුවෙකු මියගොස් ඇති අතර තවත් සිසුවෙකුගේ තත්ත්වය බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළා.