මන්කි පොක්ස් ගැන බය වෙන්න එපා - වසංගත රෝග විශේෂඥ සමිත ගිනිගේ: වඳුරු උණ හෙවත් මන්කි පොක්ස් රෝගය රට තුළ සම්ප්‍රේෂණය වීමක් සිදුවන බවට අනියත බියක් ඇතිකර ගත යුතු නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා
Colombo (Monara) June 08 - වඳුරු උණ හෙවත් මන්කි පොක්ස් රෝගය රට තුළ සම්ප්‍රේෂණය වීමක් සිදුවන බවට අනියත බියක් ඇතිකර ගත යුතු නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ මන්කි පොක්ස් රෝගය කොවිඩ් වෛරසය පැතිර යන ආකාරයෙන් ශ්වසන මාර්ගයෙන් පැතිරීමක් සිදු නොවන බවයි.
මන්කි පොක්ස් රෝගය පැතිරයාම සිදුවන්නේ සමෙහි හටගන්නා බිබිලි කැඩී යාමේදී ඉන් පිටවන ශ්‍රාවය තවත් කෙනෙකුගේ ශරීරය තුළට ඇතුළුවීමෙන් පමණක් බවයි වෛද්‍ය සමිත ගිනිගේ මහතා පෙන්වා දෙන්නේ.
මේ වන තෙක් මෙරටින් හඳුනාගෙන ඇත්තේ මන්කි පොක්ස් රෝගය වැළඳුණු රෝගින් සිව් දෙනෙකු පමණක් බවත්, ඉන් දෙදෙනෙකු පසුගිය නොවැම්බර් මාසයේදී හඳුනාගත් බවත් ඔහු ප්‍රකාශ කළා.
ඔවුන් දෙදෙනා සම්පූර්ණයෙන්ම වූ අතර ඔවුන්ගේ පවුලේ ඥාතීන් පිළිබඳවද පසු විපරම් සිදු කළ අතර ඔවුන් කිසිවෙකුටත් එම රෝගය සම්ප්‍රේෂණය වී නොමැති බවත් වෛද්‍යවරයා සඳහන් කළා.
එමෙන්ම පසුගියදා සොයාගත් මන්කි පොක්ස් රෝගීන් දෙදෙනාටද එම රෝගය සම්ප්‍රේෂණය වී ඇත්තේ විදේශයන්හි සිටි පැමිණි අයෙකුගෙන් බවත් මෙම රෝගීන් දෙදෙනාගේ පවුලේ ඥාතීන් පිළිබඳවද නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටින බවත්, මෙම රෝගීන් දෙදෙනාද මූලික අවස්ථාවේදීම හඳුනා ගැනීම නිසා මොවුන්ගෙන් තවත් අයෙකුට රෝගය බෝවීමේ කිසිදු හැකියාවක් නොමැති බවත් වෛද්‍යවරයා වෛද්‍ය සමිත ගිනිගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මෙම සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් වෛද්‍යවරයාගෙන් විමසා සිටියේ ගුවන් යානයක් තුළදී මෙම රෝගය සම්ප්‍රේෂණය වීමේ අවදානමක් පවතින්නේද යන්නයි.
ඊට පිළිතුරු දුන් විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා කියා සිටියේ ගුවන් යානයක ගමන් කිරීමේදී මෙම රෝගය බෝවීමේ කිසිදු හැකියාවක් නොමැති බවයි.