118ට බොරු තොරතුරු දෙන්නේ බලාගෙනයි: ලබාගන්නා තොරතුරු පුළුල් කරයි

MonaraMonara

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථාපිත කර ඇති 118 දුරකතන අංකයට ව්‍යාජ තොරතුරු ලබාදෙන පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනය කර නීතිය ක්‍රියාත්මක කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

තවද 118 ලබාගන්නා තොරතුරු පුළුල් කර තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව ජාතික ආරක්ෂාවට සෘජුවම හෝ වක්‍ර ආකාරයෙන් තර්ජනයක් විය හැකි ත්‍රස්තවාදි හා අන්තවාදි ක්‍රියාකාරකම්ද මෙම අංකයට ලබාදීමට හැකි බවයි හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

තවද එම පැමිණිලි වෙනම කණ්ඩායමක් යටතේ අධීක්ෂණය කෙරෙනු ඇති.