ප්‍රධාන මාර්ගයක ගමනාගමනයට බාධා: මාර්ග සංවර්ධන අධිකාරිය වැඩ ආරම්භ කරයි
නාවලපිටිය - පූඩළුඔය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
ඒ, හරංගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටීම හේතුවෙන්.
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් සිදු කර ඇත්තේ.
අධික වර්ෂාවත් සමග මාර්ගයට වැටී ඇති පස් සහ ගල් ඉවත් කිරීම මේ වනවිට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර ඇති බව සඳහන්.