ප්‍රමිතියෙන් තොර පොල්තෙල් ගැන අනාවරණයක්: කෘෂිකර්ම අමාත්‍යවරයා විශේෂ තීරණයක් ගනියි

MonaraMonara

උත්සව සමයේ දී ප්‍රමිතියෙන් තොර පොල්තෙල් වෙළඳපොළට නිකුත් කිරීමට එරෙහි දැඩි පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු සැසිවාරය අතරතුරදීයි.

කුඩා පරිමාණ මෝල් හිමියන් විසින් නිෂ්පාදන කර වෙළදපොලට නිකුත් කරන පොල් තෙල්වල ප්‍රමිතිය සම්බන්ධ ගැටළුවක් මතු වී තිබෙනවා.

මේ හේතුවෙන් එම නිෂ්පාදන ප්‍රමිතිගත කිරීම සඳහා වැඩ පිළිවෙලක් සකස් කරන අතරතුර මේ පිළිබද පාරිභෝගික ජනතාව ද දැනුවත් කරන බව‍යි අමාත්‍යවරයා කියා සිටියේ.