එස්.එස්.පී ලා තුනකට ඩී.අයි.ජී රාජකාරි: රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් තීරණයක්

MonaraMonara

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් (SSP) තිදෙනෙකුට නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ (DIG) රාජකාරි ඉටු කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් නියෝග කර තිබෙනවා.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ IX පරිච්ඡේදයේ 135 වගන්තිය යටතේ 2023.09.27 දින සිට ක්‍රියාත්මක වන පරිදි එම රාජකාරි පැවරීම කර තිබෙනවා.

අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස්.ඩී.ජේ. විජේසේකර, බදුල්ල කොට්ඨාසයෙහි කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.එස්.පී.සී. වෙදමුල්ල සහ කොළඹ දකුණ කොට්ඨාසයට අනුයුක්තව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.එච්. මාරපන යන නිලධාරින් ව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අදාළ රාජකාරි සඳහා අනුයුක්ත කර ඇත්තේ.