නව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්: කාලය මාස තුනකට සීමා වෙයි

MonaraMonara

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් මෙම පත් වීම කර ඇත්තේ මාස තුනකට අදාළ වන ලෙසයි.

නමුත් මේ අතර පොලිස්පති ධුරයට පත්වන නිලධාරියාගේ ධුර කාලය උපරිම වශයෙන් අවුරුදු තුනකට සීමා කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද කරුණු වාර්තා වනවා.

ඒ අනුව පොලිස්පති තනතුරට පත්වන නිලධාරියාගේ සේවා කාලය තුළ අවුරුදු 60 සම්පූර්ණ නොවන්නේ නම්, ඉහත තීරණය එම නිලධාරියාට අදාළ වන ආකාරයෙන් නීති සකස් කරන බවයි වාර්තා වන්නේ.