මුහුදු ගිය පුතා මළ සිරුරක්ව වෙරළට ආ හැටි: පෙර දින දහවල් තම පුත්‍රයා ධීවර කටයුතු සඳහා නිවසින් පිටව යාමෙන් පසුව ඔහුගේ සිරුර වෙරළට ගොඩ ගසා ඇති බවට සැල වීමෙන් පසු පියා විසින් එහි ගොස් පරීක්ෂා කර ඇතැයි දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
Colombo (Monara) June 12 - පුන්නකුඩා වෙරළ තීරයේ මෘත ශරීරයක් පාවෙමින් තිබෙන බවට එරාවුර් පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ඊයේ දින (11) විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ තලවායි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක් වූ අයෙක්.
මරණකරුගේ පියා විසින් මෘත ශරීරය හඳුනාගැනීමෙන් පසුව පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව පෙර දින දහවල් කාලයේ තම පුත්‍රයා ධීවර කටයුතු සඳහා නිවසින් පිටව යාමෙන් පසුව ඔහුගේ සිරුර වෙරළට ගොඩ ගසා ඇති බවට සැල වීමෙන් පසු පියා විසින් එහි ගොස් පරීක්ෂා කර ඇතැයි දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
දේහය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය සිදුකර මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර එරාවුර් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.