ආන්දෝලනාත්මක චීන නෞකාවේ ගමන වෙනස් වෙයි..!: රුහුණු විශ්වවිද්‍යාලය ගිවිසුමෙන් ඉවත් වෙලා..?
ෂී යෑන් 6 චීන පර්යේෂණ නෞකාව සමඟ සිදු කිරීමට යෝජිත පර්යේෂණ කටයුතුවලින් ඉවත් වීමට රුහුණු විශ්වවිද්‍යාලය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
මෙම නෞකාවේ පැමිණීම සම්බන්ධයෙන් අස්වැසි රාජ්‍යයන් එතරම් ප්‍රසාදයක් පළ කර තිබුණේ නැහැ.
ෂී යෑන් 6 නෞකාව මෙම මස 25 වනදා මෙරටට පැමිණීමට සැලසුම් කර තිබුණා.
කෙසේ වෙතත් අදාළ නෞකාවට ශ්‍රී ලංකාව රජය විසින් මේ දක්වා අනුමැතිය ලබා දී නොමැති බව ද සඳහන්.
අද (03) ෂී යෑන් 6 නෞකාව හම්බන්තොට වරයේ සිට මුහුදු සැතපුම් 474ක් පමණ දුරක ස්ථානගත වී ඇති බව ද වාර්තා වනවා.
ෂී යෑන් 6 චීන නෞකාව යොදාගමින් පර්යේෂණ සිදු කරන ස්ථාන සහ දිනයන් ප්‍රථමයෙන් දැනුම් දිය යුතු බවයි මෙරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ.
රුහුණු විශ්වවිද්‍යාලය සමග ඇති කරගෙන ඇති ගිවිසුමට අනුව මෙරට ඇත ජලජ සම්පත් සම්බන්ධයෙන් ඔවුන් සිය පර්යේෂණ සිදු කරනු ඇති බවයි නාරා ආයතනය මීට පෙර සඳහන් කළේ.
කෙසේ වෙතත් ෂී යෑන් 6 චීන පර්යේෂණ නෞකාව සමග එක්වී පර්යේෂණ සිදු කිරීමට සූදානම් වූ මහචාර්යවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු විදේශ ගත වී ඇති බවත් සෙසු මහචාර්යවරයා සේවයෙන් ඉවත් වී ඇති බවත් තොරතුරු වාර්තා වනවා.