වැස්සෙන් යටවූ කොලොන්නාව: මාර්ගවලට ගස් කඩා වැටෙයි
අද පෙරවරුවේ පැවති අධික වර්ෂාවත් සමග කොලොන්නාව ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා.
වැල්ලම්පිටිය, මෙගොඩ කොලොන්නාව, සේදවත්ත, කොටිකාවත්ත වැනි ප්‍රදේශවල පහත්බිම් සහ අතුරු මාර්ග රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් ජනතාව දුෂ්කරතාවයට පත්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
එමෙන්ම අතුරු මාර්ගවල ගමනාගමනයේ යෙදෙන රථවාහනවලට බාධා බාධා සිදුවී ඇත්තේ මෙලෙසින්.
එම ප්‍රදේශවල පහත්බිම්වල ඇති නිවාස රැසක් ද ජලයෙන් යට යටවී තිබුණා.
මේ අතර ඇඳ හැලුණු අධික වාර්ෂාවත් සමග කොළඹ නගර සීමාවේ ස්ථාන රැසක් ද ජලයෙන් යටවී තිබුණා.
මෙලෙස ජලයෙන් යටවී තිබුණේ, කොළඹ කොටුව, මරදාන, පංචිකාවත්ත, බොරැල්ල, කුරුඳුවත්ත සහ කොම්පඤ්ඤවීදිය සහ ඩාර්ලි පාර ආදි ප්‍රදේශ රැසක්.
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී මාර්ගයට ගස් කඩා වැටී තිබූ අතර එම මාර්ග භාවිත කරන ජනතාව ඉන් දැඩි අපහසුතාවට පත්වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.