කොළඹ - ලාහෝර් ගුවන් වාර ගණන ඉහළට: මගීන් 900කට ගමන් කිරීමේ පහසුවක්
ශ්රී ලංකාව සහ පාකිස්ථානය අතර සිදු කෙරෙන ගුවන් ගමන් වාර ගණන ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව කොළඹ සිට ලාහෝර් අතර සතිපත ගුවන් වාර 4ක් ක්රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
හෙට (31) සිට සෑම සතියකම ඉරිදා, සඳුදා, අඟහරුවාදා සහ බ්රහස්පතින්දා යන දිනයන්හි එම ගුවන් ගමන් සිදු කරනු ඇති.
මීට අමතරව ශ්රී ලංකන් ගුවන් සේවය පාකිස්ථානයේ කරච්චි නගරය දක්වා ද සතියකට ගුවන් ගමන් වාර 4 ක් ක්රියාත්මක කර බව සඳහන්.
කොළඹ සහ ලාහෝර් අතර ගුවන් ගමන් වාර ඉහළ නැංවීම තුළින් සතියකට මගීන් 900 කට අවස්ථාව සැළසෙන බව සඳහන්.