බැංකු වසා තැබීම ආර්ථිකයකට සුදුසු නැහැ: දින පහක් අඛණ්ඩව බැංකු නිවාඩු දීම හේතුවෙන් මෙරට ආර්ථිකය තුළ බරපතල ගැටලු මතු විය හැකි බව ආර්ථික විද්‍යාඥයන් පවසනවා.
Colombo (Monara) June 26 | දින පහක් අඛණ්ඩව බැංකු නිවාඩු දීම හේතුවෙන් මෙරට ආර්ථිකය තුළ බරපතල ගැටලු මතු විය හැකි බව ආර්ථික විද්‍යාඥයන් පවසනවා.
monara.com සමඟ අදහස් පළ කරමින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා කියා සිටියේ, මෙම නිවාඩු හේතුවෙන් ආර්ථික මෙම ක්‍රියාවෙන් ආර්ථික තවදුරටත් කඩා වැටිය හැකි බවයි.
ආර්ථිකය යහපත් වීමට නම් අඛණ්ඩ මූල්‍ය ගලනයක් සිදු විය යුතුයි.
මෙලෙස බැංකු නිවාඩු දින ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් ඊට බාධාවන් එල්ල විය හැකි බව ද මහචාර්යාවරයා ප්‍රකාශ කළා.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින් මෙම බැංකු නිවාඩු ප්‍රකාශයට පත් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
එම ණය ප්‍රතිව්‍යුගත කිරීම අත්‍යවශ්‍ය කරුණක් වූව ද එය විනිවිදභාවයෙන් සිදු කළ යුතු බවයි, වසන්ත අතුකෝරළ මහතා පෙන්වා දෙන්නේ.
එම ක්‍රියාවලිය සඳහා ආර්ථික විශේෂඥයන් ඇතුළු බුද්ධිමත් පිරිස් එක් කරගත යුතු බවද ඔහු ප්‍රකාශ කළා.
විනිවිදභාවයෙන් තොරව සිදු කරනු ලබන දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හේතුවෙන් ජනතාව සහ ව්‍යාපාරිකයින්ට රජය කෙරෙහි පවතින විශ්වාසය තවදුරටත් බිඳ වැටෙනු ඇති.
මෙහි දී ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 13,749 ක්.
එය සමස්ත ණය ප්‍රමාණයෙන් සියයට 90 ක් වන බව සඳහන්.
මෙරට පවතින සම්පූර්ණ ණය ප්‍රමාණය රුපියල් බිලියන 15,350 ක් වනවා.
එහි භාණ්ඩාගාර බිලිපත්වලට ආයෝජනය කර ඇති ප්‍රමාණය රුපියල් බිලියන 4,636ක් වන අතර භාණ්ඩාගාර බැඳුම්කර සඳහා රුපියල් බිලියන 9,198ක් අයෝජනය කර තිබෙනවා.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පහසු කරගැනීමේ අරමුණින් ජුනි මස 30 වනදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කළ බවයි, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේ.
ඒ අනුව දින පහක අඛණ්ඩ බැංකු නිවාඩුවක් හිමි වනු ඇති.
29 වන බ්‍රහස්පතින්දා හජ් උත්සවය යෙදි තිබීම හේතුවෙන් එදින බැංකු නිවාඩු දිනයක් වනවා.
රජය විසින් 30 වනදා විශේෂ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කර ඇති අතර ජූලි මස පළමුවැනිදා සහ දෙවැනිදා සෙනසුරාදා හා ඉරිදා දිනයන් වනවා.
03 වන සඳුදා යෙදී ඇත්තේ ඇසළ පොහෝය දිනයයි.
ඒ අනුව අඛණ්ඩව දින පහක් බැංකුවේ කටයුතු සුපුරුදු පරිදි සිදු නොවනු ඇති.