බස් ගාස්තු සියයට 10කින් ඉහළට: අවම බස් ගාස්තුව රුපියල් 35ක්
බස් සංගම්වල ඉල්ලීම්වලට විසඳුම් නොලැබුනොත් බස් ගාස්තු ඉහළ දමන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරන පවසනවා.
ඔහු පවසන්නේ සති දෙකක් ඇතුළත විසඳුම් ලබා දීමට බලධාරීන් අපොහොසත් වුවහොත් බස් ගාස්තු සියයට 10කින් ඉහළ නැංවීමට කටයුතු කිරීමට සූදානම් බවයි.
ඩීසල් මිල ඊයේ (31) සිට රුපියල් 5කින් ඉහළ දැමීමත් සමග රුපියල් 22ක බලපෑමක් ඇති බවත් සියයට 10කින් ඉහළ දැමුවොත් අවම බස්ගාස්තුව රුපියල් 35ක් වන බවත් අද (01) පැවති මාධ්‍ය හමුවකදි ඔහු මෙලෙස අදහස් පැවසුවා.