පොහොට්ටුවේ රැස්වීමට රජයේ වාහන ගෙනත්!: අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
නාගරික සංවර්ධන අධිකාරියට සහ ශ්‍රි ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අයත් වාහන සහ කැමරා උපකරණ සහිතව සේවකයින් සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වූ පොදු පෙරමුණේ රැස්වීමට රැගෙනවිත් ඇති බවට චෝදනා කරමින් මගෙන් රටට සංවිධානය අල්ලස් දූෂණ කොමිසමට පැමිණිලි කර තිබෙනවා.
"නාගරික සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මාධ්‍ය අංශයේ සේවක පිරිස ආයතනයේ ඉන්නවද නැත්නම් ආයතනයේ වැඩකට ගිහිල්ලද? මගෙන් රටට සංවිධානයේ සාමාජිකයෝ සමුළුවට ඇතුළට ගිහිං තමයි මේ විස්තර කියන්නේ. 54-2975 අංකය තියෙන වාහනය සුගතදාස ක්‍රීඩාංගණය ඇතුලේ තිබුණේ. එහෙම රජයේ වාහන ඇතුලට ගියේ කොහොමද, කැමරා ශිල්පීන් කැමරා උපකරණ මේ සියල්ල තිබුණේ සුගතදාස ක්‍රීඩාංගනය ඇතුලේ" යනුවෙන් මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා වැඩිදුරටත් පැවසුවා.