පෙට්‍රල් තොග ගෙන්වන ලංසුව සිංගප්පූරුවට: යෝජනාව විදුලිබල හා බලශක්ති ඇමතිගෙන්
ඉදිරි මාස 04 ක කාලසීමාව සඳහා පෙට්‍රල් මිලදී ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් සඳහා ලංසු කැඳවා තිබෙනවා.
ඒ අනුව සැප්තැම්බර් 21 වැනිදා සිට ලබන වසරේ ජනවාරි 21 වැනිදා දක්වා මාස 04 ක කාලසීමාවක් සඳහා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් නැව් තොග 04 ක් මිලදී ගැනීම සඳහායී ලංසු කැඳවා ඇත්තේ.
ඒ සඳහා සමාගම් 04 ක් විසින් ලංසු ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ ප්‍රසම්පාදනය සිංගප්පූරුවේ විටෝල් ඒෂියා සමාගම වෙත පිරිනැමීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව සඳහන්.