බෙල්ලන්විල කළු වඳුරන් සොරා ගැනීමේ CCTV දර්ශන එළියට (ඡායාරූප): සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණය අරඹයි

MonaraMonara

Images - CCTV දර්ශන ඇසුරින්

බෙල්ලන්විල අත්තිඩිය වනජීවී පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කළු වඳුරු පැටව් සිව්දෙනකු කිසියම් කණ්ඩායමක් විසින් සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පැවසුවා.

පසුගිය සෙනසුරාදා අළුයම් කාලයේදි, වනජීවි පුනරුත්තාපන මධ්‍යස්ථානයට පැමිණි සොරුන් කණ්ඩායමක් මෙම සොරකම සිදුකර ඇති බවයි ගල්කිස්ස පොලිසිය පවසන්නේ.

මෙම මධ්‍යස්ථානයේ වනජීවී අඩවි සහකාරවරයා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ.

සොරකමට පැමිණි පුද්ගලයන් දෙදෙනා වඳුරන් තබා තිබෙන කුටිය තුළට පැමිණ සිටින අන්දම එහි සවිකර තිබූ C.C.T.V. කැමරාවල දක්නට ලැබූ බවද පොලිසිය පැවසුවා.

මෙම වඳුරන් පසුගිය ජුලි මස 21 වැනිදා බෙල්ලන්විල අත්තිඩිය වනජීවී පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස සොරකම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට පමණක්ම ආවේණික වූ මෙම කළු වඳුරන්ගේ සිරුර වලසෙකුගේ මෙන් ලෝමවලින් පිරී පවතින අතර සිරුරෙහි පිටුපස, පා දෙපස සහ වලිගයෙහි සුදු පැහැති ත්‍රිකෝණාකාර ලප දැකිය හැකියි.

Images - CCTV දර්ශන ඇසුරින්Images - CCTV දර්ශන ඇසුරින්

Images - CCTV දර්ශන ඇසුරින්

Images - CCTV දර්ශන ඇසුරින්Images - CCTV දර්ශන ඇසුරින්

Images - CCTV දර්ශන ඇසුරින්

Images - CCTV දර්ශන ඇසුරින්Images - CCTV දර්ශන ඇසුරින්

Images - CCTV දර්ශන ඇසුරින්

Images - CCTV දර්ශන ඇසුරින්Images - CCTV දර්ශන ඇසුරින්

Images - CCTV දර්ශන ඇසුරින්

Images - CCTV දර්ශන ඇසුරින්Images - CCTV දර්ශන ඇසුරින්

Images - CCTV දර්ශන ඇසුරින්