‌මේවා පිටුපස කෙට්ටු,උස,කණ්ණාඩි දාන හීන්දෑරී හාදයෙක් ඉන්නවා-ඩෑන්: ''2025 මේ රටේ ජනාධිපති සිහිනය දකින සිහින කුමරෙක් තමයි ඔය කෙට්ටු උස හීන්දෑරී හාදයා. මේ කරන දේවල්වලටත් මෙන්න මේක පිටිපස්සේ රාජපක්ෂලා ඉන්නවා කියලා හඟවලා රටේ සිංහල සහ බෞද්ධ පදනම දිනෙන් දින විනාශ කරනවා''

MonaraMonara

ඩෑන් ප්‍රියසාද් - නායක - 09 වැනි සේනාංකය ප්‍රාදේශීය වාර්තාකරු - කොළඹ - නිරෝෂන්

රට පුරා විවිධ කණ්ඩායම් විවිධ මුහුණුවරින් බුදුදහමට සහ බුද්ධ චරිතයට අපහාස කරන බව ‌09 වැනි සේනාංකයේ නායක, ඩෑන් ප්‍රියසාද් මහතා පවසනවා.

අද මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු සඳහන් කළේ, නතාෂා එදිරිසූරිය එහි එක් චරිතයක් පමණක් බවයි.

නතාෂා වැනි චරිත පාලනය කළ සහ මෙහි පසුතලය නිර්මාණය කළ මහමොළකරුවන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවමත් නොහැකි වී ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඩෑන් ප්‍රියසාද් මහතා,

‘’ ‌මේ සියලු කුමන්ත්‍රණ පිටිපස්සේ කෙට්ටු, උස, කණ්ණාඩි දාන හීන්දෑරී හාදයෙක් ඉන්නවාද කියලත් සැකයක් අපිට තියෙනවා.. 2025 මේ රටේ ජනාධිපති සිහිනය දකින සිහින කුමරෙක් තමයි ඔය කෙට්ටු උස හීන්දෑරී හාදයා.. යම් කිසි විදිහකට ඔහුට මේ රටේ ජනාධිපතිවෙන්න උවමනාවට මෙන්න මේ වගේ මොනවා හරි අවුස්සලා මේකට විසඳුම මම දෙන්නම් කියලා කියනවා.

රටේ ඉන්න සමහර භික්ෂුන් වහන්සේ එකතු කර ගෙන ඒ ඒ භික්ෂුන් වහන්සේ වෙන වෙන සංවිධාන හදාගෙන මේ ගැන කතා කරලා, මෙන්න මේ කෙට්ටු උස හාදයාව ඔසවලා තියෙනවා මෙන්න මොහු තමයි මේ රටේ ප්‍රශ්න විසඳන්න සුදුසුම පුද්ගලයා කියලා.. එතන තමයි රටේ සිංහල බෞද්ධ ජනතාව නැවත වතාවක් අමාරුවේ වැටෙන තැන.. මේ කරන දේවල්වලටත් මෙන්න මේක පිටිපස්සේ රාජපක්ෂලා ඉන්නවා කියලා හඟවලා රටේ සිංහල සහ බෞද්ධ පදනම දිනෙන් දින විනාශ වෙනවා.. ‘’