භූගත ජලය භාවිතයේදී කල්පනාකාරීවන්න: වෙනසක් දැනේ නම් ජලය පරීක්ෂා කරගන්න

MonaraMonara

වියළි කාලගුණය තත්ත්වය හේතුවෙන් භූගත ජල මට්ටම අඩු වීම නිසා ජලයේ ලවණතාවයේ වෙනසක් සිදු විය හැකි බව ජල සම්පත් මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර්.එම්.එස්. රත්නායක මහතා පවසනවා.

එබැවින් භූගත ජලය පාවිච්චි කරන ජනතාව භාවිතයට ගන්නා ජලය පිළිබඳව වඩාත් කල්පනාකාරීවන ලෙසයි ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

ජලයේ රස, සුවඳ සහ වර්ණයේ වෙනසක් තිබේ නම් එම ජල සාම්පල පරීක්ෂා කර ගන්නා ලෙසත් ඔහු ජනතාවට දැනුම් දෙනවා.

එම ජල සාම්පල පරීක්ෂාව සඳහා කොළඹ, පුත්තලම, අනුරාධපුර සහ යාපනය ප්‍රදේශවල පරීක්ෂණාගාර පිහිටා ඇති බවයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා අවධාරණය කර සිටියේ.