ONMAX DT අධ්‍යක්ෂවරුන්ට ඇප: මාසෙ අන්තිමට සී අයි ඩීයට රපෝර්තු කරන්නැයි නියෝග

MonaraMonara

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ONMAX DT සමාගමේ අධ්‍යක්ෂවරුන් 05දෙනා ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාගේ නියෝගයක් පරිදියි.

ඒ අනුව එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 03ක් මත මුදාහැරීමට නියෝග කළ අතර, සෑම මසකම අවසන් ඉරුදින සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් වාර්තා කළ යුතු බවට මහෙස්ත්‍රාත්වරයා ඔවුන්ට ඇප කොන්දේසියක් පනවනු ලැබුවා.

ඉකුත් දා මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ, නීතිවිරෝධී පිරමිඩ ආයෝජන ක්‍රමයක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන්.